Saturday, November 16, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 1,347ක් දක්වා ඉහළට




2024 ජනාධිපතිවරණයට අදාළ තවත් මැතිවරණ පැමිණිලි 118ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ පැය 24ක කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් යුතු නිවේදනයක දැක්වෙන්නේ.

එම කාලසීමාව තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි දෙකක්, නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 113ක් සහ වෙනත් පැමිණිලි තුනක් ලැබී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි ගණන 1,347ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.