Saturday, November 16, 2024

General line - 0115112241

අධිකරණය මඟහරිමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට




කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මඟහරිමින් සිටි කාන්තාවක් ආරච්චිකට්ටුව, නල්ලදරම්කට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින්. අදාළ කාන්තාව 2013 වසරේදී රජයේ රැකියා ලබා දෙන බව පවසමින් ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලෙස පත්වීම් ලිපි ලබා දී මුදල් වංචා සිදු කර තිබෙනවා.

පැමිණිලි 26කට අදාළව ඇයට අධිකරණයේ නඩු පවරා තිබූ අතර වැරදිකාරිය වූ අදාළ කාන්තාවට අධිකරණයෙන් වරෙන්තු 26ක් ද නිකුත් කර තිබෙනවා.

අධිකරණය මඟහරිමින් සිටි අදාළ සැකකාරියට ඇප තැබූ කාන්තාවක්ද හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් ගොනාගොල්ල සහ අම්පාර යන ප්‍රදේශවල පදිංචිකාරියන්. සිද්ධිය සම්බන්ධ විමර්ශන බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ක්‍රියාත්මකයි.