Saturday, November 16, 2024

General line - 0115112241

ළඟදීම බදු සංශෝධනයක් - ජනපති කියයි




මේ වන විට ආර්ථිකය මූල්‍ය විනයක් ඇතිව හසුරුවමින් ශක්තිමත් තලයකට ගෙන ඒවට හැකි වී ඇති බැවින් බදු කොන්දේසි යළි සලකා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබා ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව බදු ස්ථර අතර පරතරය පුළුල් කිරීම, බදු ප්‍රතිශත සංශෝධනය කිරීම ඇතුළු යෝජනා නුදුරේදීම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.  

“රනිල් සමඟ රට දිනවන වසර පහක්” යන තේමාව යටතේ සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එම පස් අවුරුදු මෙහෙයුම ප්‍රධාන කොටස් 05කින් සමන්විත වනවා.

ථේරවාද වෙළඳ ආර්ථිකය, ක්‍රියාන්විතය - 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා ලෙස එම ප්‍රධාන කොටස් නම් කර තිබෙනවා.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දැක්වූවා.

අනෙක් පාර්ශව කතා කරද්දී, තමන් ක්‍රියාකර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.