අඹේපුස්ස ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සඳහන් කළේ.
මහනුවර සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක එම වෑන් රථය ගැටී තිබෙනවා.
අදාළ ස්ථානයේ ස්ථාපිත දුම්රිය ගේට්ටුවේ අනතුරු ඇඟවීමේ සංඥා ක්රියාත්මක වී තිබියදී වෑන් රථයේ රියදුරු එම සංඥා නොතකා දුම්රිය හරස් මාර්ගය පසුකර යාමට උත්සහ කිරීමේදී එය දුම්රියේ ගැටී ඇති බවද වාර්තා වුණා.