Tuesday, December 24, 2024

General line - 0115112241

හිටපු ශ්‍රී ලංකා ක්‍රිඩකයෙකුට ඕස්ට්‍රේලියාවේදී විමර්ශනයක්




හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට එරෙහිව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළවයි. දුලිප් සමරවීර වසර 10ක පමණ කාලයක සිට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

චෝදනා එල්ල වී ඇති සිද්ධිය අතීත සිදුවීමක් බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැකවෙනවා. 

ඉන්දීය කාන්තා ‘ඒ’ කණ්ඩායම සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟාවලියේදී ඕස්ට්‍රේලියානු කාන්තා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගැනීමට දුලිප් සමරවීර සූදානමින් සිට ඇති අතර මෙම චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවද වාර්තා වනවා.