Saturday, November 16, 2024

General line - 0115112241

දෙනියායේ පාසලක සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

ඌරුබොක්ක පතිරණ




දෙණියාය, පට්ටිගල පර්සි අබේවර්ධන මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිසුන් 100 දෙනෙකු පමණ එම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන් 78 දෙනෙකු ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් සිසුන් 08 දෙනෙකු ඇඹිලිපිටිය මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

පාසල ආසන්නයේ ඉඩමක ඇති ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.