දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වා මුදල් වංචා කිරීමට පැමිණි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් අලුත්ගම දර්ගා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දර්ගා නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි කරන ස්ථානයකට ඇතුළු වූ එම සැකකරුවන් දෙදෙනා ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා එම වෙළඳසැලෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
පසුව එම සැකකරුවන් දෙදෙනාව ප්‍රදේශවාසීන් විසින් අල්ලා අලුත්ගම පොලිසියට භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
වෙළඳසැලට ඇතුළු වූ සැකකරුවන් දෙදෙනා වෙළඳසැලේ බදු නොගෙවා ඇති බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ දහයක හිඟ මුදලක් ඇති බවත් වෙළඳසැලේ හිමිකරුට පවසා තිබෙනවා.
පසුව එම වෙළඳසැලේ හිමිකරු ඔහුගේ පුත්‍රයාට මේ බව දැනුම් දී ඇති අතර වෙළඳසැලේ හිමිකරුගේ පුත්‍රයා විසින් එම සැකකාර යුවළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ගෙන තිබෙනවා.
මුදල් වංචා කිරීමට එම සැකකරුවන් දෙදෙනා සමග පුද්ගලයින් කණ්ඩායමක් අලුත්ගම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අනිත් පුද්ගලයින් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.