විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ වැටලීම් 743ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලට අදාළව සැකකරුවන් 727දෙනෙකු සහ සැකකාරියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 12 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමටත් සැකකරුවන් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටත් නියමිතයි.
මෙම මෙහෙයුම යටතේ බස්නාහිර පළාත තුළ පමණක් වැටලීම් 501ක් සිදු කර තිබෙනවා.
එහිදී හෙරොයින් ග්‍රෑම් 96ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 158ක් සහ ගංජා ග්‍රෑම් 242ක් සිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.