ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන වූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් හෙවත් ජූඩ් ප්‍රියන්ත නැමැත්තා දිවයිනට ගෙන්වාගෙන ඝාතනය කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
මොහු ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇත්තේ අනිල් ඉන්දික යන නමින් බව ද සඳහන්.
පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි වූඩ් ප්‍රියන්ත නැමැත්තා ගැන කතාබහක් කරළියට පැමිණ ඇත්තේ.
ඔහු මෙම ඝාතනයට සම්බන්ධ බවට මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අමල් සිල්වා, වූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් සමග සම්බන්ධතා පවත්වා ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුවයි වූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් දිවයිනට ගෙන්වා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට සැක කෙරෙන්නේ.
ක්ලබ් වසන්ත ඝාතනය සිදු වී දින කිහිපයකට පසුව එනම් පසුගිය ජූලි මස 23වනදා ඩුබායි රජයේ දී අමල් සිල්වාගේ දේශපාලනයට සම්බන්ධ හිතවතුන් පිරිසක් සමග වූඩ් ප්‍රියන්ත සාදයක් පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
එමෙන්ම, අමල් සිල්වාට දේශපාලන කටයුතු සඳහා වූඩ් ප්‍රියන්ත නැමැත්තා උදවු උපකාර කර ඇති බව ද සඳහන්.
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට රැකවරණය ලබා දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අමල් සිල්වා මේ වනවිට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ රඳවා සිටින අතර ඔහුගෙන් මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවද වාර්තා වනවා.