දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායකද එක්ව තිබෙනවා.
මේ අතර ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අද පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හමුවුණා.
දෙරට අතර පවතින දේශපාලන සම්බන්ධතාවයන් සහ ජනාධිපතිවරණය ආශ්රිත දේශපාලන තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද එක්ව ඇති බවයි වාර්තා වුණේ.
ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව සිදුව ඇත්තේ ඊයේ දිනයේදීයි.
කොළඹදී එම හමුව සිදුව තිබෙනවා.
මේ අතර, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායකයින් සමගද අද සාකච්ඡාවක නිරත වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පී දිගම්බරන් සහ වී රාදා ක්‍රිෂ්ණන් ඊට එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.