Saturday, November 16, 2024

General line - 0115112241

එජාප මහලේකම් ධුරයෙන් මෙතෙක් ඉවත් වී නැහැ - රංගේ කියයි




එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරයෙන් තමන් මේ දක්වා ඉවත් වී හෝ ඉවත් කර නොමැති බව පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ට එරෙහිව කිසියම් චෝදනාවක් ඇත්නම් එය කඩිනමින් ඉදිරිපත් කර තමන්ට ඒ සඳහා පිළිතුරු දීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.