Saturday, November 16, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයන් 23 දෙනෙක්ම අක්‍රීය බවට අනාවරණයක්




මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 38 දෙනාගෙන් 23 දෙනෙකුම කිසිදු ප්‍රචාරක කටයුත්තක් හෝ නොකරන අක්‍රීය අපේක්ෂකයින් බවට පත්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පැවසුවේ අවම වශයෙන් දස දෙනෙකුගේ හෝ කණ්ඩායමක් රැස් කර කුඩා ජන හමුවක් හෝ පවත්වා ඇත්තේ ජනාධිපති ධූර අපේක්ෂකයින් 38 දෙනාගෙන් 15 දෙනෙකු පමණක් බවයි. 

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනවල සිදු කෙරනෙවා.

එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට 11 සහ 12 යන දිනවලදී  ඒ සඳහා අවස්ථාව සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම සැප්තැම්බර් 21වනදා පැවැත්වෙනවා.