Saturday, November 16, 2024

General line - 0115112241

ගැටුමක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්




රට තවදුරටත් ගොඩනැගීමට නම් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව සිතා ඡන්දය ප්‍රකාශ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහරගම පැවති ජනාධිපතිවරණ රැළියකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. 

රටට අහිතකර කිසිදු නීතියක් හෝ පනතක් සිය වැඩපිළිවෙළ තුළ නොමැති බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියා. 

කෙසේවෙතත් රාජ්‍ය යාන්ත්‍රණය සහ දේශපාලන ව්‍යුහය ගැටුමක සිටින බවයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ.

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, සිය රජයක් යටතේ ගොවීන්ට ලබා දෙන පහසුකම් පිළිබඳව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළිත් අදහස් පළ කළා.

ඒ, නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.