Saturday, November 16, 2024

General line - 0115112241

හිඟ බදු මුදල් අයකර ගන්න සුරාබදු දෙපාර්තමේන්තුව ගත් පියවර




මත්පැන් නිෂ්පාදනය කරන සමාගම්වලින් අයවිය යුතු හිඟ බදු මුදල වන රුපියල් මිලියන 1,040කින්  රුපියල් මිලියන 755ක මුදලක් අය කරගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් හතරකින් එක් සමාගමක් තමන්ට ගෙවීමට නියමිත හිඟ බදු මුදලෙන් සැලකිය යුතු ප්‍රමාණය ඉකුත් දින කිහිපය තුළ ගෙවා ඇති බවයි වාර්තා වුණේ. 

එම සමාගමට තවත් ගෙවීමට ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 483ක් වනවා.

සෙසු සමාගම් තුනද සිය හිඟ බදු මුදල් ලබන නොවැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට ගිවිසුම්ගතව ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

සමස්තයක් ලෙස  සියලු ආයතනවලින් රජයට අයවිය යුතු බදු ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 1යි දශම 3ක් පමණ වන බවටයි වාර්තා වන්නේ.

ඉන් සියයට 5ක් හෝ අයකරගත හැකි මට්ටමේ නොමැති බවයි අදාළ පාර්ශව පෙන්වා දෙන්නේ.