Saturday, November 16, 2024

General line - 0115112241

වීසා ගැටලුව නිසා අගෝස්තුවේ සංචාරකයින් පැමිණීමේ අඩුවක්




මෙම මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් ගණන සැලකිය යුතු ලෙස පහළගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය  පැවසුවේ වීසා ගැටලුව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබාගත යුතු වනවා.

එවන් පසුබිමක් තුළ කණ්ඩායම් ලෙස පැමිණෙන විදෙස් සංචාරකයින්ට දිවයිනට පැමිණීමට පෙර වීසා ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණද ඊට විදෙස් සංචාරකයින් අකමැති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළද ඊට නිසි විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බවද එම අධිකාරිය පැවසුවා.

මෙම වසරරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ 50,000කට අධික සංචාරකයින් දිවයිනට පැමිණ තිබෙනවා.

අගෝස්තු මාසය යනු සාමාන්‍යයෙන ්දිවයිනට සංචාරකයින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන මාසයක් වනවා.

ඒ, මහනුවර ඇසළ මහා මංගල්‍යය ඉලක්ක කර ගනිමින්. එහෙත් පවතින වීසා ගැටලුව හේතුවෙන් අගෝස්තු මාසයේ එලෙස සංචාරකයින් දිවයිනට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා. 

මෙම මාසයේ පළමු දින 15 ඇතුළත දිනකට සාමාන්‍යයෙන් විදෙස් සංචාරකයින් 6,500ක් පමණ දිවයිනට පැමිණ තිබෙනවා.

එහෙත් මෙම මාසයේ 18වනදායින් පසුව දිනකට දිවයිනට පැමිණෙන සංචාරකයින් ගණන 5,000ත් 3,000ත් අතර පැවති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ.