ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,482ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ජූලි 31 වනදා සිට එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 1,419ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීමට අදාළවයි.
එම පැමිණිලි 807ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතද නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 612ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 07ක්ද ලැබී තිබෙනවා.
වෙනත් පැමිණිලි 56ක්ද ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.