විදෙස් රටකට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සේදවත්තේ කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
එම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ රිවෝල්වර් උණ්ඩ 04ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 38යි මිලි ග්‍රැම් 500ක්, ජංගම දුරකථන 02ක් සහ රුපියල් 6,500ක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 44 යන වයස්වල පසුවන මුදුන්ගොඩ සහ සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
මේ අතර, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොලොන්නාවේ පාං අනුරගේ ඥාති දියණියක් කොලොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.
සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 250ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි තරුණියක්. සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.