Saturday, November 16, 2024

General line - 0115112241

ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් හිටපු පළාත් සභා මන්ත්‍රී රිමාන්ඩ්




ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

ඒ අනුව සැකකරු ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය 08 වනදා අදාළ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවෙකු සහ රියදුරෙකු පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මඟින් අත්අඩංගුවට ගැනුනා.

සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී   අනාවරණ වූ තොරතුරු මත හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, බස්නාහිර - දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින්. සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අතුරුගිරියේ එම ඝාතන සිදු කිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබල දීමේ චෝදනාව යටතේයි.

ඉන් අනතුරුව සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා රඳවාගෙන ප්‍රශ්න කළ බව පොලිසිය පැවසුවා.