Saturday, November 16, 2024

General line - 0115112241

සභාපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණයක් ගනී




ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයෙන් ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ කවුන්සිලය අද රැස්වූ අවස්ථාවේදීයි.

මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට එල්ලවී ඇති චෝදනාවක් සැලකිල්ලට ගෙන එම සංගමයේ නීතීඥ කවුන්සිලය අදාළ යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. 

දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා ජයිකා ආයතනය ගිය වසරේ අවසන් භාගයේ ලංසු කැඳවා තිබූ බවයි වාර්තා වුණේ.

ඊට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් වීමෙන් අනතුරුව එම සංගමයට රුපියල් මිලියන 24ක අරමුදලක් ලැබී තිබෙනවා.

එහෙත් අදාළ ලංසු තැබීමේදී හා ගිවිසුම්වලට එළඹීමේදී විධිමත් අයුරින් කටයුතු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුට චෝදනා එල්ලවී තිබුණා.