Saturday, November 16, 2024

General line - 0115112241

ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල පහලට




ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව එලෙස ඉන්ධන මිල පහළ දැමූ බවයි.

ඒ අනුව රුපියල් 334ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 12කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව එම පෙට්‍රල් ලීටරය නව මිල රුපියල් 332ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 377ක්. 

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 10කින්. එම ඩීසල් ලීටරයක මිල රුපියල් 307ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් අඩුකර තිබෙනවා.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 352ක් වනවා.
කේසේවෙතත් ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුව නැහැ.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් පෙර පරිදි රුපියල් 202ක මිලකට අලෙවි වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ලංකා ෂධක්‍ සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කර තිබෙනවා.