Saturday, November 16, 2024

General line - 0115112241

බංග්ලාදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට




පිලිපීනයේ උතුරු දිග ප්‍රදේශයට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට දෛනික කටයුතුවලට බාදා එල්ලවී තිබෙනවා.

පාසල් සහ රජයේ අයාතන ද වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 1,000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත ද යොමුකර තිබෙනවා.

මැනිලා නුවර ඇතුළු වෙරළබඩ ප්‍රදේශවලට තද සුළං ඉදිරි කාලයේදී ඇතිවිය හැකි බවද එරට කාලගුණ බලධාරින් අනතුරු අගවනවා.

මේ අතර බංග්ලාදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එරට දිස්ත්‍රික්ක 11ටම ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් ලක්ෂ 6කට ආසන්න පිරිසක් තවදුරටත් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.