Saturday, November 16, 2024

General line - 0115112241

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - පිරිසක් විරෝධතාවක




ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් අතර බස්නාහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ද වනවා.

මේ අතර එම ඝාතන සිද්ධියට සම්බන්ධ මහ මොළකරු ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිටදීයි.

සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන්, ලොකු පැටී, රොටුඹ අමිල ඇතුළු සැකකරුවන් වහා මෙරටට ගෙන්වා ගන්නා ලෙසට ද ඔවුන් එහිදී බලකර සිටියා.