රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිධූර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්රකාශනවල සදහන් නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියේ මෙවැන්නක්
" මීට වසර දෙකයි මාස තුනකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගන්න අවස්ථාවේ රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වෙලා,
විදෙස් සංචිත ඩොලර් මිලියන 19ක් දක්වා පහත බැහැලා, තෙල් ,ගෑස්, බෙහෙත් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට විදෙස් විනිමය නැතිව, ජනතාව දින ගණන් පෝලිම්වල හිටියා.
ඒ වෙලාවේ දැඩි තීන්දුත් ගන්න ඇති. මිත්‍ර රටවල සහයෝගයෙන් ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙන ගියේ.
ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකෙන් දරුවන්ට පෙළ පොත් අච්චු ගැහුවේ. චීන තානාපති මුණගැහිලා දරුවන්ගේ නිල ඇඳුම් ටික ගත්තේ. මේ උදාහරණ කීපයක් විතරයි.
මේ අතරතුර අයි.එම්.එෆ් සංවිධානයේ පළමු වාරිකය ගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගතවුණා.
ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක් ලබාදීමේ එකඟතාවය මත, වර්ෂයෙන් වර්ෂය ඩොලර් මිලියන තුන්සිය තිස්තුනේ කාණ්ඩ හැටියට ලබාදීම ආරම්භ කළා.
අපි කොහොමද අපේ ආර්ථිකය මෙහෙයවන්නේ කියලා ඒ අය ඉතාම සුපරීක්ෂාකාරීව බලාගෙන හිටියා.
එකගතා කඩකරනවාද කියලා බැලුවා.වසර දෙකක කාලයකින් ණය හිමි රටවල් සහ සංවිධාන සමග එකඟතාවයකට එන්න පුළුවන් වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස නැවත වතාවක් ඉතිරි කාලසීමාව තුළ, දීලා තිබෙන ණය ආධාර ඉදිරියට ගෙනයාමට, අලුතෙන් ගන්නවා නම් ඒ ණය ගැනීමට. මේ සියල්ල කිසියම් රාමුවක් තුළ කරන්න වෙන්නේ.
ඒ අතරතුර වෘත්තීය සමිති අංශය වරින් වර අඛණ්ඩව වෘත්තීය අරගලවල යෙදුණා.
එක අතකින් සාධාරණයි. වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. උද්ධමනය 76 දක්වා වැඩිවුණා.
දැන් ඒක 0.5 දක්වා අඩුවෙලා තියෙනවා. බැංකු පොලී අනුපාතය 28% දක්වා ගියා.
අද 10% පහළට ඇවිල්ලා. රටේ ආර්ථික වර්ධන වේගය ඍණ අතින් ධන අතට ඇවිත් තියෙනවා.
මේවා ආර්ථික වශයෙන් රටක සංවර්ධනය පිළිබඳ මනින උපමාණ. දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 75ක් දක්වා අඩු වෙලා තිබුණා. ඒක දැන් නැවතත් ඩොලර් බිලියන 85 දක්වා ඇවිත් තියෙනවා.
ජනාධිපතිතුමා මේ සියලු කරුණු සලකා බලලා රට ක්‍රමානුකූලව ඉදිරියට ගෙනෙන අතරතුර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතාවය පිළිබඳ කමිටුවක් පත් කළා.
ඒ හිටපු ජේෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියකු වන උදය සෙනෙවිරත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
දහ දෙනෙක් ඉන්නවා ඒ කමිටුව 2024 මැයි මාසේ පත්කළේ. ඒ කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කලා අගෝස්තු මාසයේ දොළොස් වෙනිදා. එහි තුන අංකෙයෙන් කරුණු 18ක් ඉදිරිපත් කරල තියෙනවා.
රජයේ සේවකයින්ගේ විවිධ කාණ්ඩ, එකම සේවාව තුළ විෂමතාවයන් , විවිධ සේවාවන් තුළ විෂමතාවයන් හටගෙන තිබුණා. වැටුප් වැඩිකිරීමත් සමඟ මේ විෂමතාවයන් ඉවත් කිරීමයි රජයේ පරමාර්ථය වුණේ.
කාර්මික සාමයක් නොතිබුණු රටක් සංවර්ධනය කරා ගෙනියන්න බැහැ. වෘත්තීය අරගල මැද්දේ තමයි රට මේ තැනට ගෙනාවේ.
කමිටුව ඒ සඳහා තිබෙන නිර්ණායක උපමාණ පාදක කරගත්තා.
රාජ්‍ය සේවකයින්ගේ අද වැටුප් ගෙවන්න වාර්ෂිකව රුපියල් බිලියන 1200ක් හා විශ්රාමිකයට රුපියල් බිලියන 400ක් වැය වෙනවා.
බලයට එන ඕනම ආණ්ඩුවකට අද තිබෙන මට්ටමේ වැටුප් ගෙවන්න නම් රුපියල් බිලියන 1600ක් මේකට වෙන් කරලායි අනික් කටයුතු පටන් ගන්න වෙන්නේ.
මෙහෙම කරනකොට අපිට කොන්දේසියක් තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7 ප්‍රතිශතයට තියාගන්න ඕනෑ.
දල දේශීය නිෂ්පාදිතය 75ට තියෙන අවස්ථාවේ එයින් වැය කරන්නේ 3.7යි. දල දේශීය නිෂ්පාදිතයේ අගය දැන් 85 වෙනකොට 3.7 අගය ප්රමාණාාත්මකව වැඩියි..
ඊළඟ අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතය 90ට එයි කියලා පුරෝකථනය කරනවා. එහෙම කරන්න අපනයන වැඩිවෙන්න ඕනේ.
නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. ඒ අනුව 2025 නියමිත අයවැය සකස් කරමින් තිබෙනවා.
ඒ අයවැයට ඇතුලත් කිරීමෙන් පස්සේ ලබන වසරේ 2025 ජනවාරි පළවෙනිදා ඉඳලා මේ වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වෙනවා.
ඒක 24% සිට 50% දක්වා වූ පරාසයක් තුළ වෙනස් වෙනවා.
මේක හුදු වැටුප් වැඩිවිමක් නෙවෙයි.රාජ්‍ය සේවයේ වසර ගණනාවක් තිබුණු විෂමතාවය ඉවත්කරමින් වැටුප් වැඩි කිරීමක් නිසා තමයි මේ පරාසය තුළ සිදු වෙන්නේ.
අවමය 50% දක්වා වැඩි වෙන්නත් පුළුවන් මේ වැටුවිෂමතාවයට විසඳුම් ලබාදීම අවසන් වෙනකොට.අගෝස්තුලා 12 සම්මත කළ කැබිනට් පත්‍රිකාව කරුණු දෙකකට අනුමැතිය දුන්නා.
අතුරු වාර්තාවේ තුනේ සිට දහ අට දක්වා කරුණු ප්‍රතිපත්තිම වශයෙන් ඒ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන්නා.
ඒ වගේම අදාළ යෝජනා 2025 වර්ෂයේ අයවැයට ඇතුළත් කිරීමට අනුමැතියත් දීලයි මේ සම්බන්ධයෙන් වාර්තා නිකුත් කලේ.
අයි.එම්.එෆ් එක 2025 අයවැය ලේඛණය දැකසීමේදී සහයක් ලෙස ලර් මිලියන 700 ක් ලබා දෙන්න නියමිතයි.
2026 වෙනකොට ඩොලර් මිලියන 600ක් ලබා දෙනවා. 2027 වෙනකොට ඩොලර් මිලියන 500ක් දෙනවා.
ඒ අයගේ ගාන අඩු වෙනකොට අපි නිෂ්පාදනය, ආයෝජන වැඩි කරගන්න ඕනේ.
අප ඉදිරිපත් කළේ ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් නෙවෙයි. අපි පවත්වාගෙන යන රජයක්. අපි කියන්නේ මේ මෙහෙයුම ඉදිරියට ගෙනයන බවයි.
එහි 16 වෙනි පිටුවේ බදු සහන සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා.දැනට ක්‍රියාත්මක වන බදු ස්ථර අතර පරතරය පුළුල් කිරීමටත්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමටත් යෝජනා කරලා තියෙනවා.
තව නොබෝ දිනකින් ඒ යෝජනා ක්‍රියාත්මක වෙනවා.
ඒ යෝජනා අයි.එම්.එෆ් එකට යවලා ඒ අයගේ යෝජනා අපට එවලා තියෙනවා.
ඒ ගැන තීන්දුවක් ගන්න දින කීපයක් ගතවේවි. වෘත්තිය නිපුණ අය බද්දෙන් නිදහස් කරන්න සේවා දිරි දීමනාවක් ගෙවනවා. අතුරු බදු හැකිතාක් දුරට අඩු කරනවා.
රාජ්‍ය සේවය ප්‍රධාන සේවා වට්ටම් හතරකට වෙන් කරලා, එක් එක් ඛාණ්ඩය සදහා ඇති මාර්ග උපදේශ අනුව ප්‍රාථමික සේවාවන් වල එන්. වී.කියු 3 සිට වැටුප් ගැලපීමක් සිදුවෙනවා.
සෙසු සේවාවන් වල අධයාපන හා වෘත්තීය සුදුසුකම් කියන දෙකම එකට අරන් වැටුප් ගැලපීම කරනවා.
එයින් සියලුම රාජ්‍ය සේවකයින්ගේ ජිවන වියදම් දීමනාව රුපියල් 25000ක් වෙනවා. රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප ජීවන වියදම් දීමනාව සමගදළ වැටුප රුපියල් 55000ක් වෙනවා.
එතනින් ඉහළට වැටුප් ගැලපීමක් වෙනවා. ව්‍යාපාරික ස්වරූපයේ රාජ්‍ය සමාගම්, බැංකුවලට මේක අදාල නැහැ.
ඒවායේ වෙනම වැටුප් වැඩිවීමේ ක්‍රමයක් තියෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාල, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා, රාජ්‍ය සේවය මේකට ඇතුළත් වෙනවා. 24% අවමයත් 50% උපරිම පරාසයකින් වැටුප් වැඩිවීමක් කරන්නේ වැටුප් විෂමතාවය ඉවත් කරගන්නයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය තියෙන්නේ අවුරුදු 29ක් තිස්සේ. මේ ප්‍රශ්නයට සම්පූර්ණ විසදුමක් මෙමගින් ලැබෙනවා.
මෙතන සමස්ත රාජ්‍ය සේවයේම විෂමතාවය ඉවත්කිරිමක් සිදුවෙන නිසා 2025 ජනවාරි පළවෙනිදා සිට මෙය ක්‍රියාත්මක වීමත් සමඟ වෘත්තීය අරගල එන එකක් නැහැ කියලා අපි හිතනවා.
ගුරුවරු, විදුහල්පතිවරු ලෙඩ වෙන එකක් නෑ. පන්ති කාමරවල දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් කරගෙන යන්න අපිට පුළුවන් වෙයි. විශ්ව විද්‍යාල ක්ෂේත්රයේ අනධ්‍යයන අයට ප්‍රශ්නයක් තිබුණා.
ඒ ප්‍රශ්නෙටත් මෙයින් විසඳුම ලැබෙනවා. විසඳුම් දෙනකොට මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. මේ තීන්දුවලට එන්න කමිටුවට විවිධ මූලාශ්‍ර සහය වුණා.
වෘත්තීය සමිති සමග සාකච්ඡා කළා. කමිටුවටත් සාකච්ඡා කරන්න වෘත්තිය සමිතිවලට අවස්ථාව දුන්නා. පරණ වාර්තා සියල්ලම දුන්නා. මේවා ඔක්කොම පරිශීලනය කරලා තමයි කරුණු ටික ගලපලා තියෙන්නේ.
මේ සමඟ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය වැඩ කරන්න යෝජනා කරලා තියෙනවා. වැටුප වැඩිවෙනවාත් එක්ක දායකත්ව රක්ෂණ ක්‍රමවේදයක් එනවා.
ආණ්ඩුවේ දායකත්වයයි රාජ්‍ය සේවකයින්ගේ රුපියල් දාහක අවම දායකත්වයක් එක්ක රක්ෂණ වැඩ පිළිවෙලක් සියලුම රාජ්‍ය සේවකයින්ට දෙනවා. එතකොට අවුරුදු ගණන් බයිපාස් කරන පෝලිමේ ඉන්න ඕන නෑ.
රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික රෝහලකින් වුණත් ප්‍රතිකාර ගැනීමේ ක්‍රමවේදයකට යන්න පුළුවන්. ඒ රක්ෂණ ක්‍රමය ඉදිරි කාලයේදී විශ්රාමකින් හා සහ අනිත් අයට ලබා දෙන්න කටයුතු කරනවා.
ජීවන වියදම් දීමනාව රුපියල් 25000කින් වැඩි කරනකොට විශ්‍රාමිකයින්ටත් සියයට පනහක් ලැබෙනවා.
ඊට අමතරව විශ්‍රාමිකයින්ට රුපියල් 3000 ක අතුරුදීමනාවක් දුන්නා විෂමතාවය ගලපනකල්. 2020ට පෙර විශ්‍රාම ගත්ත අයගේ විෂමතා ඉවත් කිරීමත් මේකට පදනම් වෙලා තියෙනවා.
මේකෙන් දැනට වෘත්තීන් දහයක වැටුප් වැඩිවීම ප්‍රකාශ කරලා තියෙනවා.
බජට් එකට ලැබෙන අයි. එම්. එෆ්. සහයෝගයත් සමඟ අපට මේ ප්රශ්නය විසඳන්න පුළුවන්. 2025 පදනම විදිහට අරගෙන අවුරුදු තුනෙන් තුනට ජීවන වියදම් දීමනාව අඩු වැඩි වීම සිද්ධ වෙනවා.
එතකොට ලබන අවුරුද්දේ මේක කළාම අවුරුදු තුනක් ගැටලුවකින් තොරව රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන්. නව බඳවා ගැනීම් කරද්දී රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමත් සැලකිල්ලට අරගෙන තියෙනවා.
ප්‍රධාන අපේක්ෂකයෝ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරා. අපි අවම වැටුප් පනස් පන්දාහයි කියපුවම, සජබ කියනවා පනස් හත්දහසයි කියලා. හැබැයි ඒ අයගේ පරාසය පෙන්වන්නේ නෑ. මේ අය වගේ අතාර්කික උපමාණයක් නැති
වුරුදු දෙකකින් අපි රටේ තත්ත්වය යථා තත්ත්වයට ගෙනාවා. අධ්‍යාපන ක්ෂේත්රයේ අයගෙන් ඇමැතිවරයා විදියට මම ඉල්ලීමක් කරනවා ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වා ගෙන යන්න කියලා.
ගුරුවරුන්ට මොඩියුලර් ක්‍රමය මත වැටුප් වර්ධක උසස්වීම් දීම වෙනුවට සරල ක්‍රමයක් හදුන්වා දෙන තෙක් 2025 ජුලි දක්වා මොඩියුලර් ක්‍රමය නතර කරන්න කොමිෂම සමග එකගතාවයකට ආවා. "
- මාධ්‍ය මධ්‍යස්ථානය -