Saturday, November 16, 2024

General line - 0115112241

ජෛව සම්පත් කොල්ල කෑ රුසියානුවෝ  රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ 

හැටන් රංජිත් රාජපක්ෂ




නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයන් දෙදෙනා හෙට (03) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝ කර තිබෙනවා 

ඉකුත් 28 වනදා වනජිවී නිලධාරින් විසින්  රුසියානු ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාර විදේශිකයන් දෙදෙනා (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබුනා 

ඉන් අනතුරුව ඔවුන් අද (02) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, හෙට දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙසේ (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත්තේ Kurylev saveliy alexandrovich (17)  සහ Kolchevskii nikolai ilyich (21)  යන අයයි.

සැකකාර රුසියානු ජාතිකයන් දෙදෙනා ඉකුත් (19) දින දිවයිනට පැමිණ එම වනාන්තර වෙත ගොස් මෙරටට ආවේනික වද විමේ තර්ජනයට ලක් වි ඇති ආරක්ෂිත උභය ජිවින්, උරගයින් ඇතුළු සත්ව විශේෂ 197 ක් පමණ ඔවුන් විසින් අල්ලා සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සගවා තබා තිබුනා 

ඒ පිලිබදව වනජිවි දෙපාර්තුමේන්තුව වෙත ලද තොරතුරක් මත වනජිවි නිලධාරින් පිරිසක් (28) දින සිංහරාජ රක්ෂිතය වෙත ගොස් සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් විසින් අල්ලාගෙන සගවා තිබු සත්ව විශේෂ 197 ක් සමග අත්අඩංගුවට පත් විය