රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද ආධාර සහ සෙසු පරිත්‍යාගශීලීන්ගෙන් ලද ආධාරවලින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද විවෘත වනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකල එම වාට්ටු සංකීර්ණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 150ක් පමණ වනවා.
රෝගී දරුවන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම වාට්ටු සංකීර්ණය විවෘත කරන බවයි මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර පැවසුවේ.