Saturday, November 16, 2024

General line - 0115112241

ගම්උදාව යුගය යළිත් ආරම්භ කරන බව සජිත් කියයි




ඉඩම් සහ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ගම්උදාව යුගය යළිත් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කය තුළ නිෂ්පාදන කර්මාන්ත ශාලා 6 ක් විවෘත කරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

මුලතිව් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


ඇතමුන්ට අතීතය අමතක වුවද තමන්ට කිසිදා අතීතය අමතක නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්‍ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර එකල බෙදීම් පැවතිය පක්‍ෂ දෙක රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ බවයි ජනාධිපතිවරයා පැවසුවේ. කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවත්සර උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. 


සෑම අංශයකින්ම කඩා වැටුණු රට ගොඩ නැගිම සිය ප්‍රමුඛ වගකීම බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. 

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට ඇතමුන් මේ වනවිට බියට පත්ව ඇති බවයි.


මෙරට ගොවියා ශක්තිමත් කිරීම තමන්ගේ මූලික අපේක්‍ෂාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම සෙසු පාර්ශවලද අනාගතය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි කලවාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.