ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබෙනවා.
1866 සැප්තැම්බර් මස 3 වනදා ශ්‍රී ලංකා පොලිසිය, දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කරනු ලැබුවා
ඒ අනුව අදට යෙදී තිබෙන පොලිස් දිනය වෙනුවෙන් දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගෙන සමාජ සේවා කටයුතු වලට මුල් තැන දෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා
තවද සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කර සිටියේ