ජනතාව උකස් කළ රන් බඩු වල පොලියෙන් සීයට පනහක් කපන බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ සවස පැලියගොඩ ප්‍රදේශය සහා කිරිබත්ගොඩ නගරයේ ජනතාව හමුවු අවස්ථාවේදී.
එහිදි අදහස් දැක්වු ජනක රත්නායක පවසා සිටියේ මෙවැන්නක්
" අපි අද ආවා කිරිබත්ගොඩ නගරයට මගෙ චන්ද වැඩකටයුතු කරන්න .
අපිට පෙනවා පොලවල්වල මහජනතාව නැ,
ජනතාව ඉන්නේ උකස් බඩු කඩ වල ,
ජනතාවට බඩුගන්න සල්ලි නෑ
ඔවුන්ගේ රත්තරන් බඩු ගොඩක් උකස් කඩවලට සින්න වෙන්න යන්නේ
මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වලා තියෙන්නේ එහෙම උකස් කරපු බඩු වල පොලිය සීයට පනහක් කපා හරින බව
ආර්ථිකය ගැන දන්න ව්‍යාපාර ඥානය තියෙන පුද්ගලයෙක් ජනාධිපති කර ගත යුතුයි
ඒ සඳහා මම ඉදිරිපත්ව සිටිනවා."