ඉන්දියාවේ සිට මන්නාරමට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එලෙස ඔවුන් භාරයට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 10යි ග්‍රෑම් 300ක් පමණ වනවා.
එහි වටිනාකම රුපියල් කෝටි 200කට අධික බවයි ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් පවසන්නේ.
එහිදී සැකකරුවන් හය දෙනෙකු හා බෝට්ටුවක් ද එම නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාමේස්වරන් වෙරලාරක්ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අඩංගුවට ගෙන ඇත්තේ.
තවත් සැකකරුවන් තුන් දෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා රාමේස්වරන් වෙරලාරක්ෂක නිලධාරීන් රාමේස්වරන් පොලීසියේ සහය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් අයෙකු ශ්‍රී ලංකා සම්හවයක් ඇති පුද්ගලයෙක්.
අනෙක් තුන් දෙනගෙන් දෙදෙනෙකු බෝට්ටුකරුවන් වන අතර අනෙක් තැනැත්තා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු බවට හදුනා ගෙන ඇති බවයි රාමේස්වරන් වෙරලාරක්ෂක නිලධාරීන් පවසන්නේ.
සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් රාමේස්වරන් පොලීසියට අනුයුක්ත මත්ද්‍රව්‍ය මර්දන අංශය වෙත භාරදී තිබෙනවා.