Saturday, November 16, 2024

General line - 0115112241

සිය ජයග්‍රහණයට බිය වී දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමට උත්සාහ කරන බව අනුර කියයි




ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අද ආරම්භ වුණා.

ඒ අනුව ලබන 14 වන දින දක්වා නිල ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරෙනවා.

ඊට අමතරව ලබන 08 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.

මේ අතර ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මැතිවරණ වේදිකා දිනෙන් දින උණුසුම් වනවා.

ඒ, ඔවුන් ඉදිරිපත් කරන ඉදිරි වැඩපිළිවෙල හා ප්‍රකාශ කරන අදහස් හේතුවෙන්.

සිය ජයග්‍රහණයට බිය වී සිටින ආණ්ඩුව ඉදිරි දින කිහිපයකදී දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමට උත්සාහ කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.


සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුලතිව් ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් පල කළා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ තමන් මුලතිව් ප්‍රදේශය සෑම ක්ෂේත්‍රයකින්ම සංවර්ධනය කරන බවයි. 


කෙසේවෙතත් ජාතික ජන බලවේගයට සහ සමගි ජන බලවේගයට මේ වනවිට සිය අතීතය අමතක වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවත්සර උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. 


මේ අතර සමූපකාර සහ ග්‍රාමීය බැංකු ශක්තිමත් කර ජනතාවට සහන ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

කලවාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.