මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධව සැකකාරියක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් සැකකරුවෙකු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන බවයි පොලීසිය පැවසුවේ.
ජාඇල, ඒකල ප්‍රදේශයේදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සමගයි.
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේ මනුෂ්‍ය ඝාතන දෙකකට අදාළව තොරතුරු හෙළි වී තිබෙනවා.
ආදුරුප්පුවීදිය, ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සහ ජාඇල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට අදාළ සිද්ධියකට ආධාර අනුබල දුන් බවට ඔහු විසින් ප්‍රකාශ කළ බවයි පොලීසිය පැවසුවේ.
ඔහුගෙන් සිදු කරන ලද තවත් ප්‍රශ්නකිරීම් හමුවේ එම සිද්ධීන්වලට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අනුරාධපුර ප්‍රදේශයේදී සහ සැකකාරියක් දෙකටන ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.