Saturday, November 16, 2024

General line - 0115112241

ගොවි වගා ණය කපා හැරේ




ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්.

ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය එම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීමට අදාළ උදය ආර් සෙනෙවිරත්න ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩිකර දීම තම අපේක්ෂාව වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර, සමගි ජන බලවේගය පවසන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉහළ දැමිය හැකිදැයි අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගෙන් විමසීමක් කළා.  


ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන දැක්වූයේ මෙවන් අදහසක්.