Saturday, November 16, 2024

General line - 0115112241

නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට නියෝග

උදය කුමාර




නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ලබාගෙන නිසි පරිදි ඊට පෙනී නොසිටීම තුළින් නීතිඥ සරත් විජේසිරි ද සිල්වා නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවත්  ඔහුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීරණය කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

එමෙන්ම නීතිඥභාවයෙන් නෙරපා හරිනු ලැබූ තැනැත්තා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් ඊයේ දින සිට මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවත් එම නියෝගයේ සඳහන් වුණා.

දිවුලපිටිය, වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.