ප්‍රංශ වෙරළට ඔබ්බෙන් ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කළ අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් වෙනවා.
හෙලිකොප්ටර් තුනක්, ධීවර යාත්‍රා දෙකක් සහ බෝට්ටු දෙකක් සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරත් සමග 50කට වැඩි පිරිසක් ප්‍රංශ වෙරළාරක්ෂක බලකාය බේරා ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බෝට්ටුව තුළ ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් 70කට අධික පිරිසක් ගමන් කිරීම අනතුරට හේතු වී තිබෙනවා.
එමෙන්ම එහි ගමන්ගත් අයගෙන් අට දෙනෙකු පමණක් ජීවිතාරක්ෂක කබා පැළඳ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .