Saturday, November 16, 2024

General line - 0115112241

YouTube හරහා ජනාධිපතිවරණය ව්‍යාකූල තත්ත්වයක් බවට පත්කරන්න හදන බව ආශු මාරසිංහ කියයි




YouTube හරහා ජනාධිපතිවරණය ව්‍යාකූල තත්ත්වයක් බවට පත්කර ඇති බවත් .මැතිවරණයක් මඩ පුවත් මවලා උත්සාහ කර ජනතාව නොමග යවන්න බවත් මිනුවන්ගොඩ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී 

එහිදී අදහස් දැක්වූ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසා සිටියේ මෙවැන්නක් 

" YouTube හරහා ජනාධිපතිවරණය ව්‍යාකූල තත්ත්වයක් බවට පත්කර ඇත. මැතිවරණ කොමිසමත් නිවේදනයක් දාලා තියෙනවා.  75% කින් අනුර කුමාර දිනනවා කියලා සමීක්ෂණ සහ වාර්තා YouTube දාලා තියෙනවා. "එයානෙ දිනලා ඉන්නෙ" වැනි මතයක් හදන්න උත්සාහ කරනවා.

හැබැයි බිම තත්ත්වය වෙනස්. අවුරුදු දෙකකට කලින් තිබුණු රට, මේ තත්ත්වයට ගෙනාව ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න ඕනි කියලා. එනිසා මම හැමතිස්සෙම කියන්නේ රටම රහසින් රනිල්ට.

බිම ඉන්න මිනිස්සු හැටියට අපි අත්දැකීමෙන් දන්නවා ඒක. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අපි ඉතාම හොඳින් සංවිධානය වෙමින් ඉදිරියට යනවා. අපිට පැහැදිලියි ගෙයින් ගෙට යනකොට, කුඩා රැස්වීම් තියෙනකොට ජනප්‍රසාදය සහ ඔවුන්ගේ කැමැත්ත. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන මැතිවරණයක් මඩ පුවත් මවලා උත්සාහ කරනවා  ජනතාව නොමග යවන්න. ජනතාව ගොනාට අන්දවන්න බැහැ. හරි විදිහට හරි තැනදි ඡන්දය පාවිච්චි කරනවා. සැප්තැම්බර් 22 වෙනිදා මේ රටේ නව වන ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. 

කෙනෙක්ට හිතන්න පුළුවන් අර මහත්තයා රැස්වීමට ආව හින්දා ඡන්දය දෙන්නේ එයාට කියලා. 

හැබැයි ඒ මහත්තයා සමහර වෙලාවට හැම රැස්වීමටම යනවා.මධ්‍යවේදීන් හැටියට ඔබ තැන් තුනටම යනවා.තැන් තුනටම ගියාට කියන්න බැහැනේ කාටවත් ඔබ ඡන්දය දෙන්නෙ අහවලාට කියලා.ඒක දන්නෙ ඔබ විතරයි.එනිසා මෙකෙන් වැරදි චිත්‍රයක් මැවෙනවා, ඔලු ගෙඩි පෙන්නලා ජනතාව රවට්ටන්න. එහෙම බැහැ. 

ජනතාවට සහන ලැබෙමින් තිබෙනවා. උදාහරණයක් විදිහට කැබිනට් මණ්ඩලය තීරණය කරලා තිබුණා ගෙවා ගන්න බැරි ගොවි ණය ටික කපා හරින්න ඕනේ කියලා.2025 ඉඳලා සේවකයින්ගේ වැටුප් වැඩිවීම.මේක මැතිවරණ තීන්දුවක් නෙමෙයි. 

අපි යෝජනා කරානේ තෙල් සූත්‍රය. ඒ වගේම තමයි 2025 තියෙන කවර හෝ ආණ්ඩුව මේ වැටුප් වැඩි වීම දිය යුතුයි. 

ස්තූතිවන්ත වෙනවා ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට මේ තරම් අර්බුද තියාගෙන මූල්‍ය කළමරාකරණය කරගෙන රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීම පිළිබඳව. උදාහරණයක් විදිහට කාර්යාල කාර්යය සහායක කෙනෙකුගේ යෝජිත මාසික ගැටුප් වැඩි වීම රු. 13980යි. රියදුරන්ගේ 16340යි .

 සමෘද්ධි සංවර්ධන නිලධාරී කු.ප.නි.ස. රු. 15685. කළමනාකරණ සහකාර 17550යි. සංවර්ධන නිලධාරි 25150. මහජන සෞඛ්‍ය පරීක්ෂක පවුල් සෞඛ්‍ය සේවිකා 25275යි.විකිරණ වේදීන් ඖෂධවේදීන් 25720 යි. 

හෙද නිලධාරීන් 26165 යි. විදුහල්පතිවරුන් 39595 යි. ගුරු සේවය38020 යි. පොලිස් කොස්තාපල්10740 යි. පොලිස් සැරයෙන් 13210 යි. උප පොලිස් පරීක්ෂක14050 යි. පොලිස් පරීක්ෂක 18290 යි. ප්‍රධාන පොලිස් පරීක්ෂක 23685 යි. 

ග්‍රාම නිලධාරී 23575 යි. සහකාර කොමසාරිස්/ සහකාර අධ්‍යක්ෂ 28885 යි. නියෝජ්‍ය කොමසාරිස්ලා 43865 යි. සහකාර ලේකම්ලා/ ශ්‍රේෂ්ඨ සහකාර ලේකම්ලා 57545 යි. අතිරේක ලේකම් නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් 70200 යි. 

අමාත්‍යංශ ලේකම්වරයෙක් 81050යි. වෛද්‍ය නිලධාරීන් 53075 යි.

මුළු රටම දැන් ලෑස්ති වෙමින් ඉන්නවා. මේ මැතිවරණ උණුසුම ලබන සතිය වන විට තවත් වැඩි වෙයි. 

අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට ඇත්ත පහදලා දීලා ඉදිරියේදී මැතිවරණයේ කටයුතු කරන්නේ කොහොමද කියලා කතා කරන්න. 

වර්තමානයේ විවිධ කටකතා, මඩ, බොරු, අවලාද, ගොඩක් දේවල්, ජිල් මාට් ගැන කතන්දර ආදී විවිධ දේවල් එළියට එනවා. පැරණි කතාවක් තියෙනවා මිදි කන්න බැරි වුණාම නරියා කිව්වලු මිදී තිත්තයි කියලා. 

ඒ වගේ දෙයක් තමයි කතා කරලා තියෙන්නේ. මං දැක්ක ෆේස්බුක් පෝස්ට් එකක්, පිටරටවල් වල ඉන්න අය විශේෂයෙන් එනවලු ඡන්දෙ දාන්න, 

හැබැයි ගණනය කිරීම් කරලා තිබුණ දවසකට ගුවන් යානා 400ක් ගොඩ බාන්න ඕනි එහෙම වුණොත්.  ඒ flights ඔක්කොම ෆුල් වෙන්න ඕනෙ npp එකට ඡන්දෙ දාන අයගෙන්. එහෙම ඇවිල්ලත් ඒ ගාන හදාගන්න බැහැ. 

මේ බොරු මැතිවරණ ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ.

(ප්‍රකාශයන්) මේ කණ්ඩායම තමන්  හම්බ කරගෙන කාලා නැද්ද. මාසිකව ඇඳුම් පැළඳුම් අරන් දෙන්න අය ඉන්නවා. කොළඹ නගර සභාවට ඉල්ලපු නගරාධිපතිතුමියයි කියන්නේ එයා අවුරුදු දෙකක්ම ඇඳුම් අරගෙන නැහැල්ලු. අල්ලපු ගෙදරින් ඉල්ලගෙනලු ඇඳුම් ඇඳගෙන තියෙන්නේ. 

මොකක්ද මේ ජනතාවට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේවායින්. 

මේවා කිව්වහම ජනතාව ගොනාට ඇන්දෙයි කියලද. 

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහත්මයා හොඳ කතාවක් කියලා තිබුණා. 
මේ හතර දෙනාගේ කල්ලිය තමයි දැනටමත් විකට කතා ටික කියන්නේ. 

ඒ ගොල්ලන්ට ලැබෙන විදිහ ඒගොල්ලෝ අඳින විදිහ කියමින් ජනතාව ගොනාට අන්දමින් ඉන්නේ. 

ජනතා විමුක්ති පෙරමුණ මේ රටට කරපු දේවල් ජනතාවට අමතක නැහැ.  

88/89 කාලයේ මේ රටට කරපු සමස්ථ හානිය ඩොලර් බිලියන 2500 වැඩියි කියලා වාර්තා වෙලා තිබුණා. 

ඒවට වග කියන්නෙ නැද්ද  ගොල්ලෝ. ඒගොල්ලෝ කිව්වෙ අපිට ඒ ගැන දුකක් අනුකම්පාවක් තියෙනවා කියලා. 

දුකක් කියල හරියන් නැහැ ගෙවන්න ඕනේ එයාලා. එයාල ප්‍රසිද්ධියේ කියන්න ඕනි ආණ්ඩුව ආවහම එයාලගේ එයාලා විනාශ කරපු ඩොලර් බිලියන 200 රටට හොයලා දෙන්නේ කොහොමද කියලා. 

මේ ප්‍රශ්න පත්‍රය අපි ලෑස්තියි ජවිපෙට දෙන්න. 

මම පුළුවන් තරම් උත්සාහ කරනවා npp එකත් එක්ක පුළුවන් තරම් වාද කරන්න.

මම ටීවී චැනල්වල වාද විවාද කරනවා කියලා කිව්ව ගමන් එයාලා ඉන්නේ නැහැ. 

අපිට එන්න බැහැ කියලා කිප තැනකදිම කියලා තිබුණා. බයේ හැඟෙන්නැතුව හිල් තියෙන යට ඇඳුම් අඳින්නේ නැතුව, එලියට ඇවිල්ල උත්තර දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ මැතිවරණ සමයේ රටට විහිළු සපයන්නැතුව"