රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු පාර්ශවයක් සමග තමන් එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රට ගොඩනැගිය හැකි හොඳම කණ්ඩායම තමන් සතු බවයි සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවති ජන හමුවක් අමතමින්.
කණ්ඩායමක් ලෙස එකට එක් වී වැඩකටයුතු කිරීමට නායකත්වය දිය හැක්කේ තමාට පමණක් බව ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනතාවට තවදුරටත් සහන ලබා දීම තම වැඩපිළිවෙළ බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.
ඔහු මෙම අදහස් පළ කළේ යාපහුවේ පැවති ජන හමුවක් අමතමින්.
ආර්ථිකයේ සිදු කරන සියුම් වෙනසක් පවා සිදු කළ යුත්තේ දැඩි විමසිල්ලකින් පසුව බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රාජ්‍ය සේවකයින් සඳහා සෙසු අපේක්ෂකයින් මෙන් අතිවිශාල සහන ලබා නොදුන්නේ ඒ හේතුවෙන් බවයි අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති ව්‍යාපාරික සමුළුවක් අමතමින්.
කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් ආර්ථික පරිවර්තනයක් රට තුළ සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඉදිරි වසර 10 තුළ රටේ ආර්ථිකය ශක්තිමත් ස්ථානයකට ගොඩනැගීමට තමන් කැපවන බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.
ඔහු මෙම අදහස් පළ කළේ දෙහිවල පැවති ජන හමුවක් අමතමින්.