Saturday, November 16, 2024

General line - 0115112241

තැපැල් ඡන්දයේ පළමු දිනය සාමකාමීව අවසන්




ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වුණා.

ඉතා සුළු සිද්ධීන් කිහිපයක් හැර තැපැල් ඡන්දයේ පළමු දිනය ඉතා සාමකාමී බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසුවේ.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක   පැවසුවේ තැපැල් ඡන්දයේ පළමු දිනයේ හැසිරීම සමස්ත මැතිවරණයටම ආදර්ශයක් බවයි. 

තැපැල් ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හත් ලක්ෂ 12,319ක්.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා දින තුනක් ලබා දී තිබෙනවා.

එහි පළමු දිනය අදයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම අද දිනයේ සිදු වුණා.