විද්‍යාපීඨ සියල්ල එක්කර නිර්මාණය වන අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔහු කියා සිටියේ විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.
ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල් වීමෙන් අනතුරුව එය පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට සරල විභාගයක් පවත්වන බවද ඔහු කියා සිටියා.
ඒ සඳහා ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ.