ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය වූ අද දිනයේද ඡන්දය විමසීම සාමකාමීව සිදු වූ බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.
අද දිනයේ තැපැල් ඡන්ද විමසීමට අදාළව සුළු සිද්ධීන් 04ක් වාර්තා වුවද එම සිද්ධීන් ඍජු ලෙස මැතිවරණ ප්රතිඵලයට බලපෑමක් එල්ල වන ආකාරයේ සිද්ධීන් නොවන බවයි පැෆ්රල් සංවිධානය පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.
අද සහ ඊයේ දිනය මෙන්ම ඉදිරි දින දෙකේදීත් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම නිදහස් සහ සාධාරණ අයුරින් ක්රියාත්මක වනු ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසුවේ.