මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එක්ව ගොඩනඟන ලද “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නව දේශපාලන පක්ෂය එළිදැක්වීම අද සිදුකෙරුණා.
ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. නව සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබෙනවා.
නව සන්ධානයේ ලකුණ වන්නේ කුසලානයයි.
බත්තරමුල්ල ප්‍රදේශයේදී පැවති නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා.