Saturday, November 16, 2024

General line - 0115112241

නෙත් බැලුම් ගල මහජන අභිලාෂයට අදහස් ඉල්ලයි




තවත් දින කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණය නිමිති කර ගනිමින් ලියැවෙන මහජන අභිලාෂ ප්‍රකාශය සඳහා අදහස් ලබා ගැනීම දැන් සිදුවනවා.  

ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් බලය ඉල්ලා සිටින කණ්ඩායම් හෝ පුද්ගලයන් විසින් පොරොන්දු පත්‍ර නැතහොත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීම වසර ගණනාවක් තිස්සේ සිදුවන්නක්.

එහෙත් දේශපාලන වේදිකාවේ එළිදක්වන හා පෙන්වා දෙන මෙම පොරොන්දු සහ ප්‍රතිපත්ති බලය ලබාගැනීමෙන් පසු අදාළ කණ්ඩායම් විසින් කොතෙක් දුරට ඉටු කර ඇත්දැයි විචාරකයන් ප්‍රශ්න කරනවා.

එසේ තිබියදීත් බොහෝ ඡන්දදායකයන් සිදු කරන්නේ තවදුරටත් ඒ කණ්ඩායම් හෝ පුද්ගලයින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශ නැතහොත් ලබාදෙන පොරොන්දු විශ්වාස කරමින් ඔවුන්ට ඡන්දය ලබා දී බලය පවරාදීමයි.

ඊට වෙනස්ව බලය ඉල්ලා සිටින පුද්ගලයින් සහ කණ්ඩායම් ප්‍රශ්න කිරීම මෙවර ජනාධිපතිවරණයේ සිට ආරම්භ කරමු යැයි නෙත් FM බැලුම්ගල යෝජනා කළා. තවද එලෙස සිදු කරන ප්‍රශ්න කිරීමේදී බලය ලබාගන්නා පුද්ගලයින්ගෙන් අප බලාපොරොත්තු වන්නේ මොනවාදැයි ද පෙන්වාදීමටයි නෙත් FM බැලුම්ගල යෝජනා කරන්නේ. 

ඒ අනුව රටේ පුරවැසියන්ගේ බලාපොරොත්තු මොනවාදැයි හඳුනාගෙන ඒවා ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීමට නෙත් FM බැලුම්ගල තීරණය කළා.

මහජන අභිලාෂ ප්‍රකාශය යනු එලෙස සැකසෙන ප්‍රකාශනයයි. 

මහජන අභිලාෂ ප්‍රකාශය සඳහා ඔබේ අදහස්ද එකතු කරන ලෙස ශ්‍රාවක ඔබට ගෞරවයෙන් ආරාධනය කෙරෙනවා.

ඒ සඳහා ඔබ කළ යුත්තේ නෙත් FM බැලුම්ගල ෆේස්බුක් පිටුවට පිවිස මහජන අභිලාෂ ප්‍රකාශයට අදහස් එක් කරන්නැයි සඳහන්ව පළකර ඇති පෝස්ටුව සමග දක්වා ඇති ලින්ක් එක ක්ලික් කර එහි සඳහන් කෙටි ප්‍රශ්නාවලියට ඔබේ පිළිතුරු ලබා දීමයි. 

මෙහිදී ඉදිරිපත් වන අදහස් බලය ඉල්ලා සිටින පුද්ගලයින් වෙත ලබාදීමට නෙත් FM බැලුම්ගල බලාපොරොත්තු වනවා.

එමගින් රට සැබෑ මහජන අභිලාෂ පිටුවන පරිදි හැසිරවීමට ඔවුන්ට බල කිරීමයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ අනුව නෙත් FM බැලුම්ගල ෆේස්බුක් පිටුවට පිවිස මහජන අභිලාෂ ප්‍රකාශයට ඔබේ අදහස් එක් කරන ලෙස අප ශ්‍රාවක ඔබෙන් ඉල්ලා සිටිනවා.