ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ඇප මුදල් තැන්පත් කළා.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා සහ ඊයේ දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ කෙරුණේ ඉකුත් අගෝස්තු මස 26වන දිනයි.
එහෙත් ඊයේ පස්වරුව දක්වා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් එම ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කර තිබුණේ නැහැ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම මෙම මස 11වනදා මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එම ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීම මෙම මස 09වනදා සිට 12වනදා මධ්‍යහ්න 12දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතයි.