මුලතිව් මාන්කුලම්, තුනුකායි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් 04 දෙනෙකු බිම් බෝම්බයක් පුපුරා යාමෙන් තුවාල ලබා තිබෙනවා.
උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත වී සිටින ජාත්‍යන්තර සංවිධානයක් යටතේ සේවය කරන කාන්තාවන් 04 දෙනෙකු එලෙස තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබූ කාන්තාවන් සිව් දෙනා තුනුකායි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කිළිනොච්චි රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
එම කාන්තාවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ මුහුණු සහ පපු ප්‍රදේශ පිළිස්සී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තුනුකායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.