සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන් වන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරඟය එංගලන්තයේ ඕවල් පිටියේදී අද ආරම්භ වුණා.
කාසියේ වාසිය හිමි කරගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.
කෙසේවෙතත් පන්දුවාර 15ක් පමණක් ක්රියාත්මක කර තිබියදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරඟය තාවකාලිකව නතර කර දැමීමට සිදු වුණා.
ඒ වන විට එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටියා.