තමන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු ඉතා සුළු කාලයක් ඇතුළත තීන්දු රැසක් ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මරදන්කඩවල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන 150 ක් පමණ ඉදිරි මහමැතිවරණයෙන් පරාජයටද පත්වන බවයි.
ඇතැම් දේශපාලන නායකයින් රට ගැන මේ වනවිට විවිධ අදහස් පළ කළද ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවේ ඉන් මිදීම සදහා එක් යෝජනාවක් ලබා දී නොමැති බව ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාතික බැංකුකරුවන්ගේ සංගමය සංවිධාන කළ බැංකු සහ මූල්‍ය සංසදයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
කුමන බලපෑම් කර හෝ සිය ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇතැම් ජනාධිපති ධූර අපේක්ෂකයින් මේ වනවිටත් බියට පත්ව ඇතැයිද හෝමාගම පැවති ජනහමුවකට විපක්ෂ නායකවරයා පැවසුවේ.
ගොවිජ ජනතාවට මෙන්ම ඔවුන්ගේ දරුවන්ට පහසුකම් ලබාදී ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත රටක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
තමන් සහ තමන්ට සහාය ලබාදීමට එක්ව සිටින කිසිවෙකුත් දේශපාලනය කරනු ලබන්නේ කිසිදු ලාබ ප්රයොා්ජනයක් ලබාගැනීමේ අරමුණින් නොවන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා.
බලංගොඩ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.