පොළොන්නරුව, ජයන්තිපුර 23 කණුව ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.
පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ඔවුන් ගමන් කරමින් තිබූ වෑන් රථය මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටි මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණ සිටි ඉන්දීය කාර්මික ශිල්පීයෙකු වනවා.
වෑන් රථයේ සිටි පිරිස ඔවුන්ගේ නවාතැන්පොළට යමින් සිටි අතරවාරයේ මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූ පිරිස පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.