සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ඒ අනුව ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදි තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතයි.
අයහපත් කාලගුණය හේතුවෙන් තරගයේ පළමු දිනය නියමිත වේලාවට පෙර ඊයේ අවසන් කෙරුණා.
ඒ අනුව පළමු දිනය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම කඩුළු 3 ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 221 ක්.
පළමු තරග දෙකේදීම අසාර්ථක වූ වැඩබලන නායක ඔලී පොප් නොදැවී ලකුණු 103ක් රැස්කරගෙන සිටියා.
මෙය ඔහුගේ 07වැනි ටෙස්ට් ශතකය වනවා. ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 86ක් රැස්කරගෙන සිටියදී දැවීගියා.
ජෝ රූට් ලකුණු 13කදී සහ ඩැන් ලෝරන්ස් ලකුණු 05කදී දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු 2 හා මිලාන් රත්නායක එක් කඩුල්ලක් දවා ගත්තා.