Friday, November 15, 2024

General line - 0115112241

ගුවන් ගමන් බලපත්‍ර හිගයට සැබෑ හේතුව මෙන්න




ගුවන් ගමන් බලපත්‍ර හිගය නිර්මාණය වූයේ සැලසුම් කළ පරිදි විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාගැනීමට නොහැකිවිම හේතුවෙන් බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

කිසියම් පිරිසක් ගත් ක්‍රියාමාර්ගයක් හේතුවෙන් විද්්‍යුත් ගමන් බලපත්‍ර ලබාගැනීමේ කාලය දීර්ඝ වූ බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියාසිටියේ.

නව ගුවන් ගමන් බලපත්‍ර ලැබෙන තෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින සීමිත ගුවන් ගමන් බලපත්‍ර තොගය දිනකට 1,100 බැගින් නිකුත් කරන බවයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසුවේ.