මාලදිවයින පැසිපන්දු සංගමය විසින් සංවිධානය කළ “සුපිරි” කුසලාන පැසිපන්දු තරඟාවලියේ දී, රන් පදක්කම් හිමි කර ගත් ශ්රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දෙක යළි මෙරටට පැමිණ තිබෙනවා.
පැසිපන්දු තරඟාවලියට සහභාගී වී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගැනීමට මෙරට ගුවන් හමුදා කාන්තා සහ පිරිමි පැසිපන්දු කණ්ඩායම් දෙක සමත් වුණා.
තරඟාවලිය පැවැත්වුණේ ඉකුත් 26 වනදා සිට 30 වනදා දක්වා මාලදිවයින මාළේ නගරයේදීයි.
කළාපයේ රටවල් හතරක විශේෂයෙන් ලෝකයේ ප්රබල විදේශීය පැසිපන්දු ක්රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම් සමග මෙම තරඟය පැවති බවයි වාර්තා වන්නේ.