මාතලේ, මහවෙල, මඩවල උල්පත ප්රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුවෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි නාලන්ද වත්ත, මඩවල උල්පත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සම්බන්ධයෙන් මඩවල උල්පත ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සමග යකඩ ඉන්නක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ තියුණු ආයුධ කිහිපයක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහවෙල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.